අද නම් හඞයි
වැළපෙයි වෙලෙයි
දැවටෙයි හූ හඞ තිය තියා
හෙට දිනේ
බණ කියයි
හොඳ කියයි
අතිනුත් දමා වැඩිපුර
දාල යන්නට එපා කිය කියම
සුසානය වෙත රැගෙන ගොස්
දමා එයි ගානක් නැතුවම
ඉන් පස්සෙ
ඊළඟට
හතදොහේ පාටිය
ගමටම කියයි
ගෙවල් ඔප දමයි
තිර දමයි මල් ගසයි
මේ ඔක්කොම
තුන් මාසේ මඟුල් ගෙයකට වගෙයි
කාලයක් මතකෙ නැහැ
අවුරුද්ද ආවාම
හැමදේම ඔප කරයි
හැඩ කරයි ආයෙමත්
සළු පිලිද රැගෙන ගොස්
අඳියි ගජරාමයට
බණ පොඩ්ඩක් කියයි
නොකියා බැරිකමට
කුකුලන් ගවයින් පෝලිමට
මුළුතැනේ කෙලවරේ
ටිකට් එක ඇදෙනකං
පහුවදා
රටටම අඞ ගසයි
සිනාසෙයි හඞ තලයි
රස බොජුන් වලඳිමින්
විඳී යස ලෙස මිහිර
උන් කෙනෙක් මතකෙ නැත ඉන් පසුව
මළවුන් අතර ඒ සැඟව ගිය
බලා ඉන්නට හැකි උනා නම්
මේ සියලු සෙල්ලං
නිවන්පුරටම යනු සිතෙයි
කවරදාවත් නොයිපදී
ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න .........
Sunday, July 17, 2011
Wednesday, July 6, 2011
ඇස් දෙක මගේ ........
සයුරක් තරම් සෙනෙහස ගෙන සිතට මගේ
මුලු දිවි මගම එලියක් කර සඳක් වගේ
නොසැලී වෙලී ඇවිදින් ඉදුකිලක් ලෙසේ
හිමි සඳ නුඹේ සිත මහමෙර තරම් අගේ
සිත් විල පුරාවට පිපි එක නෙළුම් මලේ
කොපමණ කැලඹුනත් දිය කඳ වෙනස් නොවේ
නුඹ වෙනුවෙන්ම ඉදි කල ටජ් මහල් බිමේ
ඉස්සර වගේමයි මගෙ සිත් පතුලේ සෙනේ
සත් වසරකට පසු ඇවිදින් ලොවට අපේ
රන් තරුවක් ලෙසින් ජීවන අඹර දිගේ
කිමිදී ඇඟේ දැවටී සෙනෙහසින් මගේ
සුදු දුව නුඹයි මේ දිවි මග නැවුම් කලේ
අම්මා කියන නාමය මට දුන්නෙ නුඹයි
ලෝකෙන් ලැබුන මැසිවිලි මැඩලුයේ නුඹයි
ජීවන මගේ පාලුව නිති මැකූ නුඹයි
දෙවන වරට මට ජන්මය දුන්නෙ නුඹයි
ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න .........
Subscribe to:
Posts (Atom)