සයුරක් තරම් සෙනෙහස ගෙන සිතට මගේ
මුලු දිවි මගම එලියක් කර සඳක් වගේ
නොසැලී වෙලී ඇවිදින් ඉදුකිලක් ලෙසේ
හිමි සඳ නුඹේ සිත මහමෙර තරම් අගේ
සිත් විල පුරාවට පිපි එක නෙළුම් මලේ
කොපමණ කැලඹුනත් දිය කඳ වෙනස් නොවේ
නුඹ වෙනුවෙන්ම ඉදි කල ටජ් මහල් බිමේ
ඉස්සර වගේමයි මගෙ සිත් පතුලේ සෙනේ
සත් වසරකට පසු ඇවිදින් ලොවට අපේ
රන් තරුවක් ලෙසින් ජීවන අඹර දිගේ
කිමිදී ඇඟේ දැවටී සෙනෙහසින් මගේ
සුදු දුව නුඹයි මේ දිවි මග නැවුම් කලේ
අම්මා කියන නාමය මට දුන්නෙ නුඹයි
ලෝකෙන් ලැබුන මැසිවිලි මැඩලුයේ නුඹයි
ජීවන මගේ පාලුව නිති මැකූ නුඹයි
දෙවන වරට මට ජන්මය දුන්නෙ නුඹයි
ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න .........
පලමුව සටහනක් තිබිම පිලිබදව සතුටක් දැනුනි මේ හිරු එළියට
ReplyDeleteලස්සන පද සංකලනයකින් හේබි පද්‍ය පේල් රාෂියක් දිගටම ලියන්න ..
මගේන් සුබ පැතුම්෴
ඔබට ජය !!!
@˙·٠•●♥ හිරු එළිය ♥●•٠·,
ReplyDeleteමුලින්ම මේ පැත්තෙ ඇවිත් දුන් දිරියට හද පත්ලෙන්ම මගේ තුතිය පුද කරමි ......
ආයිත් ඇවිත් යන්න එන්න ........
අනි වාර්යේන්ම උදව්වක් ඔනේනම් කියන්න බ්ලොගය ලස්සන කර ගන්න.පුළුවන් වෙලාවක එන්නකො හිරු එළිය විහිදේන වෙලාවක
ReplyDeleteෆලව් කරගේනම යන්න හොදේ... :D
ලස්සනය්.....
ReplyDeleteලස්සන කවි පද ටිකක්.
ReplyDeleteනියමයි .. මච්O ඔන්න ගුනේ අය්යත් ආවා...
ReplyDeleteහොඳ දේවල් ලියන්න! ජය වෙවා!
ReplyDeleteඅම්මා - ලෝකයේ ලස්සනම වචනය
ReplyDelete@කතන්දර Kathandara,
ReplyDeleteඔහොම තමා මාත් හිතාගෙන හිටියෙ ලෝකයේ උතුම්ම වචනය “අම්මා“ කියලා .....
ඒත් තව කෙනෙක් දාලා තිබුන කමෙන්ට් එකකට උත්තර නැතුව ගියා. ඒ කමෙන්ට් එක තමා, එතකොට “තාත්තා“ ...
මට දැන් හිතෙන්නෙ ලෝකයේ ලස්සනම වචන දෙකක් තියනවා එකක් “අම්මා“ දෙවෙනි එක “තාත්තා“ ......
හරිම අපූරැයි...ජයම වේවා!
ReplyDeleteඅගෙයි!දිගු ගමනකට සුභ පැතුම්!
ReplyDelete@කතන්දර Kathandara,
ReplyDeleteතුති මල් පුදමි මෙහි ඇවිදින් ලිව්වාට
වචනය නොවෙයි අම්මයි සුන්දර ලොවට
සැමියත් දුවත් ලෝකෙම ඇස් දෙකය මට
වෙරළත් රලත් විලසින් ඇත බැඳීමට
@uncleoba, මධුරංග, නුවන් සම්පත් කුමාර-Sampath Kumara, Sabith, කුමුදු, malithi, පන්සල් හංදිය, දිරි දුන් ඔබ සැමට මගේ තුති මල් .......