Sunday, November 20, 2011

නුඔට......

සිත් සයුර කළඔමින්
දිවිය වෙත ලංවෙළා
සෙනෙහසින් සිත මගේ
නිතින් ඔපවත් කළා
යන්න දූර දිවි මගේ
සිතුමී වැල් එක්කළා
නුඔයි මගේ සිතුවමෙ
මං දූටුව සිත්තරා...........

Tuesday, November 1, 2011

මිනිසුනේ

ඇත්ත යට සගවමින්
නැත්ත එළියට දාන
දනන් ඇත වැඡ‍ඹෙමින්
නොයෙක් පෙළහර පාන.......

නමුත් හෙට දින නුඹෙ
හදවතේ හඩ පාන
පැත්ත ගියමුත් එපා
මුසාවෙන් රඡ වෙන්න..........

අයුක්තිය බිද දමා
යුක්තියම පසිදලන
ලොවක් වෙත දන නමා
කමක් නෑ මලත් හෙට..........

අහන් ඉන්න අහගෙන ඉන්න කියවලාත් බලන්න.....

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
       මුමුණනවා......//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සිතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා
මවනවා
       අහන් ඉන්න.....
සිලි සිලියේ හමන සුළග
කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරැ කැට නුඔටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...........

නොමිනිසුන් සුලබ යුගයක
මිනිසත්කම අගයන
මනුෂ්‍යත්වයට අතදෙන
''නලින්ද ප්‍රේමරත්න '' නැමති මිනිසාට
අපගේ උත්තමාචාරය..........

දෙනෙත නෙපෙනුනද - දෑසම පෙනෙනවුන්ගේ
දෑස් පාදන්නටත් - හදවත අවදි කරන්නටත්
සැබැ ලෝකය දැක්විමට - ශක්තියක්
''මෙඛලා ගමගේ'' ගායිකාවනි
ඹබට අප හදෙහි උත්තම පුඡාවයි මෙ................(කරැණු සදැල්ලෙනි)

Sunday, July 17, 2011

මළඟමක යථාර්තය ............?

අද නම් හඞයි
වැළපෙයි වෙලෙයි
දැවටෙයි හූ හඞ තිය තියා
හෙට දිනේ 
බණ කියයි
හොඳ කියයි
අතිනුත් දමා වැඩිපුර
දාල යන්නට එපා කිය කියම
සුසානය වෙත රැගෙන ගොස්
දමා එයි ගානක් නැතුවම
ඉන් පස්සෙ
ඊළඟට
හතදොහේ පාටිය
ගමටම කියයි
ගෙවල් ඔප දමයි
තිර දමයි මල් ගසයි
මේ ඔක්කොම
තුන් මාසේ මඟුල් ගෙයකට වගෙයි
කාලයක් මතකෙ නැහැ
අවුරුද්ද ආවාම 
හැමදේම ඔප කරයි 
හැඩ කරයි ආයෙමත්
සළු පිලිද රැගෙන ගොස් 
අඳියි ගජරාමයට
බණ පොඩ්ඩක් කියයි
නොකියා බැරිකමට
කුකුලන් ගවයින් පෝලිමට 
මුළුතැනේ කෙලවරේ
ටිකට් එක ඇදෙනකං 
පහුවදා
රටටම අඞ ගසයි 
සිනාසෙයි හඞ තලයි 
රස බොජුන් වලඳිමින් 
විඳී යස ලෙස මිහිර
උන් කෙනෙක් මතකෙ නැත ඉන් පසුව
මළවුන් අතර ඒ සැඟව ගිය
බලා ඉන්නට හැකි උනා නම් 
මේ සියලු සෙල්ලං‍
නිවන්පුරටම යනු සිතෙයි
කවරදාවත් නොයිපදී 

ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න .........

Wednesday, July 6, 2011

ඇස් දෙක මගේ ........

සයුරක් තරම් සෙනෙහස ගෙන සිතට මගේ
මුලු දිවි මගම එලියක් කර සඳක් වගේ
නොසැලී වෙලී ඇවිදින් ඉදුකිලක් ලෙසේ
හිමි සඳ නුඹේ සිත මහමෙර තරම් අගේ

සිත් විල පුරාවට පිපි එක නෙළුම් මලේ 
කොපමණ කැලඹුනත් දිය කඳ වෙනස් නොවේ
නුඹ වෙනුවෙන්ම ඉදි කල ටජ් මහල් බිමේ 
ඉස්සර වගේමයි මගෙ සිත් පතුලේ සෙනේ

සත් වසරකට පසු ඇවිදින් ලොවට අපේ
රන් තරුවක් ලෙසින් ජීවන අඹර දිගේ 
කිමිදී ඇඟේ දැවටී සෙනෙහසින් මගේ 
සුදු දුව නුඹයි මේ දිවි මග නැවුම් කලේ 

අම්මා කියන නාමය මට දුන්නෙ නුඹයි
ලෝකෙන් ලැබුන මැසිවිලි මැඩලුයේ නුඹයි
ජීවන මගේ පාලුව නිති මැකූ නුඹයි
දෙවන වරට මට ජන්මය දුන්නෙ නුඹයි

ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න .........