Tuesday, November 1, 2011

අහන් ඉන්න අහගෙන ඉන්න කියවලාත් බලන්න.....

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
       මුමුණනවා......//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සිතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා
මවනවා
       අහන් ඉන්න.....
සිලි සිලියේ හමන සුළග
කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරැ කැට නුඔටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...........

නොමිනිසුන් සුලබ යුගයක
මිනිසත්කම අගයන
මනුෂ්‍යත්වයට අතදෙන
''නලින්ද ප්‍රේමරත්න '' නැමති මිනිසාට
අපගේ උත්තමාචාරය..........

දෙනෙත නෙපෙනුනද - දෑසම පෙනෙනවුන්ගේ
දෑස් පාදන්නටත් - හදවත අවදි කරන්නටත්
සැබැ ලෝකය දැක්විමට - ශක්තියක්
''මෙඛලා ගමගේ'' ගායිකාවනි
ඹබට අප හදෙහි උත්තම පුඡාවයි මෙ................(කරැණු සදැල්ලෙනි)

1 comment:

  1. මම සැඳැල්ලෙ දාලා තිබුන විස්තරේ කොහේ හරි බ්ලොග් එකක තියනවා දැක්කා, ඒත් හරියට කියවන්න බැරි උනා ........

    ලස්සන පබැඳුමක් ......

    ReplyDelete